Posts

Showing posts from 2015
Image
ලඟම මිතුරාගේ කවිය සකුරා මලින් බට ඉසව්වක මුනගැසී මිතුරු වී කුළුපගව වසර විස්සක් පුරා ආව දුර බොහෝ මැයි ගමින් ගම රටින් රට එක්ව ආගිය ගමන් මතක සටහන් වුවත් හරිම හරි අපූරුයි ඒත් විඳි දුක් කන්ද මහමේරු පවුව මෙන් හරි උසයි බොරු නොවෙයි ඇත්තමයි පතුරු ගිය මගේ බඳ දුටුව නම් පිළිගනී නිසැකවම මුසා නොකියනා වග පැණි රසැති පැමිණි දුක් ආදරෙන් විඳගන්න හැම විටම ලඟ හිටියෙ අපි දෙන්න විතරමයි 2015 නොවැම්බර් 9