ලඟම මිතුරාගේ කවිය
සකුරා මලින් බට
ඉසව්වක මුනගැසී
මිතුරු වී කුළුපගව
වසර විස්සක් පුරා
ආව දුර බොහෝ මැයි
ගමින් ගම රටින් රට
එක්ව ආගිය ගමන්
මතක සටහන් වුවත්
හරිම හරි අපූරුයි
ඒත් විඳි දුක් කන්ද
මහමේරු පවුව මෙන් හරි උසයි
බොරු නොවෙයි ඇත්තමයි
පතුරු ගිය මගේ බඳ දුටුව නම්
පිළිගනී නිසැකවම
මුසා නොකියනා වග
පැණි රසැති පැමිණි දුක්
ආදරෙන් විඳගන්න
හැම විටම ලඟ හිටියෙ
අපි දෙන්න විතරමයි
2015 නොවැම්බර් 9

Comments